නීති විද්‍යාලයේ ගාස්තු ගැන ප්‍රශ්නයක්

නීති විද්‍යාලයේ ගාස්තු ගැන ප්‍රශ්නයක්

July 21, 2023   12:53 pm

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කරමින් විපක්ෂනායකවරයා පැවසුවේ නීති විද්‍යාලයට ප්‍රවේශවීම සඳහා රුපියල් 15,000ක ගාස්තුවක් අය කිරීමටත් විභාග ගාස්තු ලෙස රුපියල් 1,200ක් අය කිරීමටත් පියවර ගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ අදාළ ගැටලු සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර එළඹෙන සභාවාරයේ දී එ් සඳහා පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවය.

අදාළ ගාස්තු ඉහළ දමා ඇති ආකාරය පහතින් දැක්වේ.