මඟ රැක සිටි පුද්ගලයෙකුගෙන් තරුණියකට මන්න ප්‍රහාරයක් -CCTV

මඟ රැක සිටි පුද්ගලයෙකුගෙන් තරුණියකට මන්න ප්‍රහාරයක් -CCTV

June 28, 2023   09:02 am

තරුණියකගේ හිසට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකළ පුද්ගලයෙකු පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇරවුවල සමගි මාවත පැලැන්වත්ත ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙක් ඊයේ (27) තරුණියකට මන්නයකින් පහර දී තිබුණි.

වයස අවුරුදු 19ක තරුණියක් මෙලෙස පහරකෑමට ලක්ව ඇති අතර ඇය රැකියාවට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී සැකකරු මෙම පහරදීම සිදුකර තිබුණි.

සැකකරු වයස අවුරුදු 40ක පුද්ගලයෙකු වන අතර ඔහු තරුණියට මන්නයකින් පහරදෙන ආකාරය ඒ ආසන්නයේ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පහරදීම සිදුකළ පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති පුද්ගලයකු බව ප්‍රදේශවාසීන් පැවසීය.

තුවාල ලැබු තරුණියගේ පියා සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් ඇයට මෙලෙස පහරදී ඇතැයි අනාවරණය වී තිබේ.

ප්‍රහාරයෙන් තරුණියගේ හිසට තුවාල සිදුව ඇති අතර ඇය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

තරුණියට පහරදුන් පුද්ගලයා පසුව දුරකථන සංඥා කුළුණකට නැගී සිටියදී ඊයේ (27) සවස් වරුවේ පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.