විදුලි සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ජීවිතක්ෂයට
සයුරෙන් එතෙර

විදුලි සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ජීවිතක්ෂයට

June 26, 2023   11:27 am

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන වෛද්‍ය පී.එම්.බී සිරිල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ නිවසේ තුන්වැනි මහළට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එය කඩා වැටී බරපතළ තුවාල ලබා සිටි සිරිල් මහතා, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් තුවාල ලැබු සිරිල් මහතාගේ රියදුරුවරයා ද බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබයන බව වාර්තා වේ.

මියයන විට ඒ මහතා 89 හැවිරිදි වියේ පසුවුණි.

සිරිල් මහතා ඔහුගේ රියදුරා සමග නිවසේ පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන් තුනවන මහලේ අලුත්වැඩියා කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගමන් කරන අතරවාරයේ එම අනතුර සිදුව තිබුණි.