වැඩි මිලට බිත්තර විකුණා දඩ කයි
June 22, 2023 02:56 pm
පාලන මිලට වඩා අධික මිලකට බිත්තර අලෙවිකළ සමාගමකට සහ තවත් වෙළෙඳසැල් දෙකකට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් දඩ නියමකර තිබේ.
ඒ අනුව අදාළ සමාගමට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියමකර ඇති අතර අනෙක් වෙළෙඳසැල් දෙකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියමකර ඇති බව වාර්තා විය.
පාරිභෝගික අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් විසින් බිත්තර වැඩි මිලට අලෙවි කිරීමේ ස්ථාන සොයා සිදුකළ වැටලීමකින් අනතුරුව අදාළ ව්‍යාපාරික ස්ථාන තුනට එරෙහිව නඩු පවරා තිබුණි.
ඉදිරියේදීත් බිත්තර පාලන මිලට වඩා අධික මිලට අලෙවිකරන ස්ථාන සොයා මෙහෙයුම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.