පොහොර අස්සේ මිරිස් කුඩු විකුණු පිළියන්දල අමුතු කඩේ

පොහොර අස්සේ මිරිස් කුඩු විකුණු පිළියන්දල අමුතු කඩේ

June 6, 2023   01:52 pm

වැඩි මිලට පොහොර අලෙවි කළ පිළියන්දල ප්‍රදේශයේ වෙළෙඳසැලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලනු ලැබීය.

එහිදී පරිභෝජනයට නුසුදුසු අයුරින් මිරිස් කුඩු සකස් කිරීමේ කටයුතු සිදුකරන බවටද තොරතුරු අනාවරණ වුණි.

නියමිත මිලට වඩා වැඩි මිලට පොහොර විකුණන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලද තොරතුරක් මත එම අධිකාරියේ නිලධාරීන් විසින් පිළියන්දල ප්‍රදේශයේ වෙළෙඳසැලක් වටලනු ලැබීය.

එහිදී නියමිත මිලට වඩා වැඩි මිලකට පොහොර අලෙවිකරණ බව අනාවරණවී තිබේ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්,

"12,000 පොහොර ගෝනිය 14,000 විකුණන්නේ. අනික දැන් මේ අහන්න මෙතන වැදගත් දේ මේ තියෙන ඔක්කොම ටික කෙමිකල් තියෙන්නේ. මේ තියෙන්නේ පොහොර ටික. මේවා රසායනික සංයෝග තියෙන ඒවා. මේවා ශරීරයට හොඳ නැහැ. ඒ පැත්තෙ මිරිස්කුඩු කොටනවා. කිලෝ එක විකුණනන්නේ 280ට. 12000 ,50න් බෙදුවම කීයද ?240යි. ඇයි එච්චර ගාණක් ගන්නේ."

එමෙන්ම එම ස්ථානයේ මිරිස් කුඩු සැකසීමේ කටයුතුද සිදුකරමින් සිට ඇති අතර එම මිරිස් කරල් යූරියා ඇසුරුම් කර තිබූ පොහොර කවරවල දමා ඇති ආකාරයත් දක්නට ලැබුණි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්,

"මේකට තමයි දාලා තියෙන්නේ.ඒ කියන්නේ පොහොරටි මේකයි දෙකම එකයි.දෙකම එකට කියන් විකුණනවා. මේ අපේ අතේ ගෑවුණත් දනවා. ඒ කියන්නේ මේ එකම බෑග් එකේ තමයි දාලා තියෙන්නේ මිරිස් කරලුයි , රසායනික පොහොරයි. ශරීරයට අහිතකරයි .අන්තිමේ දී පිළිකා හැදෙනවා.

මේක අසාර්ථක වැඩක්නේ එක්කො මෙතන පොහොර විකුණන්න. බිමදාගෙන මෙහෙම අපිරිසිදු තැන්වලද මේවා කරන්නේ. මේවා ජනතාවට කන්න දෙන්නේ. එහෙම වැඩ කරන්න එපා. එහෙම බිස්නස් කරන්න එපා. හරියන්නේ නැහැ. දැන් මේකෙන් වෙන්නේ අපි මරණ සහතිකය දෙනවා පාරිභෝගිකයින්ට. ඔයගොල්ලෝ හිතලම දෙනවා. කොච්චර පව්ද බලන්න. මේව රසායනික සංයෝග එක්ක එකතු වුණාම මිනිස්සු මැරෙනවා.පිළිකා අරවා මේවා ඔක්කොම හැදෙනවා. මේක හරිම කැතයි. පොහොර ගෝනියි අරවයි සේවයි හැමතැනම තියාගෙන තමයි මිරිස් දාන්නේ."

පරිබෝජනයට නුසුදුසු අයුරින් ආහාර ද්‍රව්‍ය සකස් කිරීම සහ වැඩි මිලට පොහොර අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම වෙළෙඳසැලට එරෙහිව නඩු පැවරීමට පාරිබෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.