බස් අනතුරකින් 10කට තුවාල
June 5, 2023 08:32 pm
මගී ප්රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටී අද (05) පස්වරුවේ අනතුරක් සිදුවී තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ මගීන් 10 දෙනෙකු පමණ රෝහල්ගත කළ බව අප වාර්තාකරු පැවසීය.
වැලිගම අකුරැස්ස ප්රධාන මාර්ගයේ උඩුකාව හතරේ කණුව ප්රදේශයේ දී බස් රථ දෙක එකිනෙක ගැටී තිබේ.
මෙලෙස අනතුරට ලක්වී තිබුණේ පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයකි.
ලංගම බස් රථය කොළඹ සිට අකුරැස්ස දෙසටත්, පෞද්ගලික බස් රථය මාතර සිට වැලිපිටිය දෙසටත් ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇති අතර අධික වේගය අනතුරට හේතුව බවට සැකකරයි.