අභිරහස් ලෙස මියගිය දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
June 1, 2023 01:06 pm
අභිරහස් ලෙස මියගිය දෙදෙනෙකුගේ සිරුරු ප්‍රදේශ දෙකකින් හමුවූ බව පොලීසිය නිවේදනය කරයි.
පොලීසිය පැවසුවේ රත්නපුර, සූරියකන්ද ප්‍රදේශයේ කපුකන්ද ප්‍රජා ශාලාව අසල කැලෑබද ප්‍රදේශයක තිබී ඉන් එක් සිරුරක් ඊයේ (31) සවස හමුවූ බවය.
මියගිය පුද්ගලයා 36 හැවිරිදි කොලොන්න ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහුගේ මරණය සිදුවූයේ කෙසේද යන්න මෙතෙක් හෙළිවී නැත.
මේ අතර ගාල්ල කොටුව මුහුදු තීරයේ තිබී නාඳුනන කාන්තාවකගේ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පැවසීය.
එම කාන්තාව වයස අවුරුදු 35-40ත් අතර වෙතැයි අනුමාන කෙරේ.
සිරුර මේ වනවිට කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.