කළුතර සැකකරුවන්ට අධිකරණය අද දුන් නියෝගය
May 26, 2023 01:39 pm
කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා සහ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයා ලබන මස 09 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
එම සැකකරුවන් අද (26) කලුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.