ඉතාලියේ සිදුවු අනතුරකින් ලාංකිකයෙක් මරුට

ඉතාලියේ සිදුවු අනතුරකින් ලාංකිකයෙක් මරුට

May 23, 2023   02:57 pm

ඉතාලියේ බෙර්ගමෝ නගරයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයකු පසුගිය දා සිදුවු බිහිසුණු මාර්ග අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාරවිල, කටුනේරිය පදිංචි 45 හැවිරිදි සංජීව ප්‍රදීප් ප්‍රනාන්දු නැමති දෙදරු පියෙකි.

ඉතාලියේ බෙර්ගමෝ නගරයේ පිහිටි පොලීසිය වෙත කිසියම් අවශ්‍යතාවක් සඳහා පාපැදියෙන් ගමන් කරමින් සිටියදී විරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි සංජීවව රෝහල් ගත කරන විටත් මරණයට පත්ව සිටි බව ඥාතීහු පවසති.

අනතුරින් මරණයට පත්වු  සංජීව මීට වසර 24කට පමණ පෙර ඉතාලියේ සේවය සඳහා ගොස් ඇති අතර, ඔහු සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ඉතාලියේ ජීවත්ව තිබේ.

මියගිය සංජීවගේ අවසන් කටයුතු ඉතාලියේ බෙර්ගමෝ නගරයේ දී පසුගිය 21 වනදා සිදුකර ඇත.