ආයුර්වේද පනත සංශෝධනයට අනුමැතිය

ආයුර්වේද පනත සංශෝධනයට අනුමැතිය

May 23, 2023   08:43 am

ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඉදිරියේ දී අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා මේ බව පැවසීය.
  
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි හා කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට 2022- 10 -31 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.