UPFA ලේකම් ධුරය ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

UPFA ලේකම් ධුරය ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

May 22, 2023   11:19 am

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

නඩු කටයුත්තක් පවතින බැවින් අධිකරණ තීරණය ලැබෙන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර මහතා හෝ තිලංග සුමතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව දැනුම් දී ඇත.