ප්‍රවීන් ජයවික්‍රමට වසරක ක්‍රිකට් තහනමක්

ප්‍රවීන් ජයවික්‍රමට වසරක ක්‍රිකට් තහනමක්

October 2, 2024   08:45 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට වසරක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංගනය කළ බව ඔහු විසින් පිළිගැනීමෙන් අනතුරුව මෙම තහනම පනවා ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා 3ක් එල්ලකර තිබුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී සහ 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීම සඳහා ඔහු වෙත සිදුකර තිබූ යෝජනා සම්බන්ධයෙන් දුෂණ විරෝධී ඒකකය දැනුම්වත් නොකළ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා අතර වෙයි.