සිංගප්පූරුවේදී මියගිය ගෘහ සේවිකාව සම්බන්ධයෙන් විමර්ශනයක්

සිංගප්පූරුවේදී මියගිය ගෘහ සේවිකාව සම්බන්ධයෙන් විමර්ශනයක්

May 20, 2023   09:50 am

සිංගප්පූරුවේදී මහල් නිවසකින් ඇදවැටී මියගිය ගෘහ සේවිකාව පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති හිල්මි අසීස් මහතාගේ උපදෙස් පරිදි අදාළ විමර්ශනය සිදුකරන බව එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා මහතා  සඳහන් කළේය.

ඔහු පැවසුවේ අදාළ ගෘහ සේවිකාවගේ දේහය අද (20) දිවයිනට රැගෙන ඒමට අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර ඇති බවය.