ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුටත් රාජාභිෂේකයට ආරාධනා
May 6, 2023 09:24 pm
තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය අද (06) එංගලන්තයේ ලන්ඩන් නුවරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්වී සිටියේය.
එමෙන්ම කොවිඩ් වසංගත සමයේ කළ සේවය වෙනුවෙන් රැජිනගේ සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලාංකික වෛද්‍ය හරීන් ද සිල්වා ද රාජාභිෂේකයට ඇරියුම් ලබා තිබුණි.