
මෙරට නිල විදේශ වත්කම් සංචිතය අප්‍රේල් මස අවසානයේදී අමෙරිකානු ඩොලර් බිලියන 2.75 දක්වා මාර්තු මාසයට සාපේක්ෂව 2.2%කින් වර්ධනය වී තිබේ.
මාර්තු මාසයේ විදේශ මුදල් සංචිතය සටහන් වුයේ අමෙරිකානු ඩොලර් බිලියන 2.69ක් ලෙසය.
මෙම වත්කම් සංචිතයට භාවිතය සඳහා චීන මහජන බැංකුව විසින් විනිමය හුවමාරු ක්‍රමයට ලබාදුන් ඩොලර් බිලියන 1.4ක්ද ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



















































