විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
May 3, 2023 10:13 am
උසස් පෙළ විභාග විෂයන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය හෙට (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
උසස් පෙළ විභාගයේ ඇගයීම් සඳහා ගුරුවරුන්ගෙන් මාර්ග ගත ක්‍රමයට අයදුම්පත් කැඳවීමට ඒ අනුව දීර්ඝ කර තිබේ.
එම කාලය ඊයේ (02) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද ප්‍රමාණවත් අයදුම්පත්‍ර නොලැබීම හේතුවෙන් මෙලෙස අයදුම්පත් කැඳවීම දීර්ඝ කරඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය, ඇතුළු විෂයන් 11කට අදාළව මෙලෙස අයදුම්පත් කැඳවනු ඇත.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සදහා විශ්‍රාමික ගුරුවරුන්ට ද අයදුම් කළ හැකි අතර 2022 වසරේ දෙසැම්බර් 31 වන දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ගෙන් මෙලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ.
කෙසේවෙතත් මේ වන විට උසස් පෙළ විෂයන් දෙකකට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් මේ වන විට ආරම්භ කර තිබේ.
උසස් පෙළ විභාගයේ සම්පුර්ණ විෂයන් ගණන 63ක් වන අතර ඉන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා අයදුම්පත් ලැබී ඇත.