විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

April 29, 2023   07:59 pm

ඊශ්‍රායලයේ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගැනීමට උත්සාහ කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උකුස්සාගේ අද (29) අනාවරණය ඒ පිළිබඳවය.

ඉහළ වැටුපක් ලබාගැනීම සඳහා මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායලය බලායෑමට බෝහෝවිට සිහින දකී.

එවන් පිරිස් ඉලක්ක කර රුපියල් ලක්ෂ 4ක් ලබාගෙන ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා කාන්තාවක් විසින් සිදුකරන මුදල් වංචා කරන ජාවාරමක් පිළිබඳව "අද දෙරණ උකුස්සාට" තොරතුරු අනාවරණ වුණි.

ඒ පිළිබඳව ගවේෂණයක නිරත වූ උකුස්සා අදාළ කාන්තාවගේ ඉලක්කයක් වූ තවත් කාන්තාවක් හරහා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තේය.

ඉන් අනතුරුව ගාල්ල බස් නැවතුම්පොළට "අද දෙරණ උකුස්සා" යන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ද සමගිනි.

අප එහි සිටින විට මුදල් වංචා කරන කාන්තාව ගාල්ල බස් නැවතුම්පොළට, ඇයගේ ඉලක්කය වූ කාන්තාව ද සමගින් පැමිණි අයුරුයි අපට දැක ගන්නට හැකි වුණි.

එහිදී එම කාන්තාව විශ්වාසය දිනාගැනීම සඳහා විවිධ තොරතුරු පවසා තිබුණි.

අනතුරුව ඇය විසින් මුදල් ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගත්තාය.

ඉදිරියේදීත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් රට හමුවේ අනාවරණ කිරීමට "අද දෙරණ උකුස්සා" සූදානමින්.