පිළිතුරු පත්‍ර ඇගයීමේ පාර්ශ්ව මානව හිමිකම් කොමිසමට කැඳවයි

පිළිතුරු පත්‍ර ඇගයීමේ පාර්ශ්ව මානව හිමිකම් කොමිසමට කැඳවයි

April 25, 2023   04:14 pm

පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් මෙම අවස්ථාවේ ඉවත් නොවී ඉල්ලීම් දිනාගැනීමේ ක්‍රියාමාර්ගය එම කටයුතු අවසන් වනතෙක් කල්දමන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වෙතින් ඉල්ලීමක් සිදුකර තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ඩී.එම්.එච්.එස්.කේ. බන්නැහැක සහ විභාග කොමිසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනී විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය මෙම ඉල්ලීම සිදුකර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ කමිටුවක් පත්කර සාකච්ඡා කළ යුතු බවය.

මේ අතර ශ්‍රී ලංකාවේ විභාගවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර පිළිගැනීමට හානියක් නොවන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවය මෙම විභාග කටයුතුවලට ලබාගැනීමට අදාළ පාර්ශවයන් කටයුතු කළයුතු බවත් සභාපතිනී විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය වැඩිදුරටත් පවසා ඇත.