බුදු දහම සුරක්ෂිත කිරීමට බැඳී සිටිනවා - ජනපති

බුදු දහම සුරක්ෂිත කිරීමට බැඳී සිටිනවා - ජනපති

April 24, 2023   10:22 pm

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදීය.

රජයක් ලෙස බුදු දහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු නිකායයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේය.

වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම උපසම්පදා විනය කර්ම මහෝත්සවය එළැඹෙන ජූලි 21 වනදා සිට 27 දක්වා මාතලේ, පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් මහවැලි ගංගාවට අනුබද්ධ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වීමට නියමිතය.

එහිදී සාමණේරයන් වහන්සේ 200 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවීමට නියමිතව තිබේ.