කාසියේ වාසිය අයර්ලන්තයට

කාසියේ වාසිය අයර්ලන්තයට

April 24, 2023   09:40 am

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසාන ටෙස්ට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

එහි කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට අයර්ලන්ත කණ්ඩායම තීරණය කළේය.

මෙම තරගය සඳහා ප්‍රබල පිතිකරුවෙක් වන පෝල් ස්ටර්ලින් කැඳවීමට අයර්ලන්තය තීරණය කර තිබේ.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

එසේම මෙම තරගයෙන් පසු තමා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් අස්වන බව දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මීට පෙර දැන්වීය.

නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය කිසිවක් පවසා නොමැති බව වාර්තා වෙයි.