තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට සැරසෙයි
April 18, 2023 05:15 pm
තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේදී ලිහිල් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා එය ද පිටිවහලක් වනු ඇති බවය.
රේගුවේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අද (18) අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.
රේගුව වෙත පළමු මාස 03 සඳහා ලබාදී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270කි.
නමුත් එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් පෙන්නුම් කර තිබේ.
2021 වසරේ දී භාණ්ඩ 485ක් ද 2022 වසරේදී භාණ්ඩ 750ක් සඳහා ආනයන සීමා පැනවූ බවය.
ඒ අනුව නුදුරේදීම අදාළ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබාදෙන නිර්දේශ මත අදාළ තීරණ ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.