අවවාදය නොඉවසූ බාලවයස්කරුවන් නිවෙස්වලින් පැනයයි
April 18, 2023 12:16 pm
වෙන්නප්පුව ප්‍රදේශයේ නිවෙස්වලින් පළාගිය බාල වයස්කරුවන් තිදෙනා ගාල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
වයස අවුරුදු 14ත් 15ත් වයස් කාණ්ඩවල පසුවන දරුවන් තිදෙනෙකු එසේ සිය නිවෙස්වලින් පළාගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.
සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවෙස් වෙත පැමිණි අවස්ථාවේදී එක් දරුවෙකුගේ මිත්තනිය විසින් ඔවුන්ට බැනවැදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් දරුවන් තිදෙනාම නිවෙස්වලින් පළාගොස් තිබූ බව වාර්තා වේ.
මොවුන් තිදෙනා පසුගිය 14 වනදා නිවෙස්වලින් පළාගොස් ඇති අතර පසුව ගාල්ල ප්‍රදේශයේ රැඳී සිට ඇත.
සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කළ වෙන්නප්පුව පොලිස් නිලධාරීන් ඊයේ මෙම සිසුන් තිදෙනා සොයාගෙන තිබේ.
ඒ අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගාල්ලට ගොස් දරුවන් රැගෙන ඒමට නියමිත බව වාර්තා විය.
අද දිනයේ දී එම දරුවන් දෙමව්පියන් වෙත යළි භාරදීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.