අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්
April 16, 2023 11:51 am
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදුන් පාසල් නිවාඩුවෙන් පසු සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් නියමිත පරිදි හෙට (17) දින සිට යළි ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 05 වැනිදා සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබිය.
පාසල් වාර සටහනට අනුව එම නිවාඩුවෙන් පසු පාසල් යළිත් හෙට දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පාසල් සඳහා මැයි මස 13 වැනිදා සිට යළි නිවාඩු ලබාදීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීමට සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා සිට ජුනි මස 08 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම විභාගය හේතුවෙන් පාසල් සඳහා නිවාඩු ලබාදෙන ආකාරය පසුව දැනුම් දෙනු ඇත.
මේ අතර, අප්‍රේල් මස 20වන දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කරනු නොලබන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.