ඩයනා ගැන තීන්දුව අප්‍රේල් 24
April 6, 2023 03:42 pm
ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන්න තීරණය අප්‍රේල් මස 24 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (06) නියෝග කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකාර පාර්ශවය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කළේය.