ශ්‍රී ලංකා - නවසීලන්ත තරගයේ තීරණය සුපර් ඕවරයෙන්
April 2, 2023 10:08 am
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ලකුණු සමවීමත් සමග සුපර් ඕවරයක් මගින් තරගයේ ජය පැරදුම තීරණය කිරීමට සිදුව තිබේ.
තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට ආරාධනා කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 196ක් රැස් කළේය.
වසරකට අධික කාලයකට පසු සංචිතයට කැඳවූ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 53ක් රැස්කළේය.
චරිත් අසලංක පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 67ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස්කළේය.
ජයග්‍රාහී ලකුණු 196ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමත් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 196කි.