කාසියේ වාසිය කොල්කටා කණ්ඩායමට
April 1, 2023 03:28 pm
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය පන්ජාබ් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර තරගය අද (01) පස්වරුවේ ආරම්භ විය.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ලබාදීමටය.
ශීකර් ධවාන් පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය දරන අතර නිතීශ් රානා කොල්කටා කණ්ඩායම මෙහෙයවයි.
