යුද්ධයෙන් වෙන්වූ අඹු සැමියන් 33 වසරකට පසු හමුවෙයි
March 26, 2023 07:46 pm
ත්‍රිකුණාමලයේ පදිංචිව සිටියදී යුද්ධය නිසා වෙන්වීමට සිදු වූ අඹුසැමි යුවළක් වසර 33 කට පසුව හමු වී තිබේ.
කොළඹ ජාතික රෝහල අසල අසරණව සිටි කාන්තාව පිළිබඳ තොරතුරු ලද රෝහල් කාර්ය මණ්ඩලය ඇයට දින ගණනක් පුරා ප්‍රතිකාර සහ සත්කාර කොට ඇගේ අනන්‍යතාව හෙළිකරගෙන කාන්තාවගේ සැමියා සහ ඥාතීන් සොයාගැනීමට සමත්වුණි.
යුද වාතාවරණය තුළ දිවි රැකගැනීමට දරුවන් කිහිපදෙනෙකු සැමියාට භාරකර තවත් දරුවෙකුද සමග පවුලෙන් වෙන්ව ඇති ඇය කොළඹට පැමිණ, එතැන් සිට වසර 33ක් පන්සල්, පල්ලි සහ පොදු ස්ථාන ආශ්‍රීතව විවිධ තැනැත්තන්ගේ උපකාර මත දිවි ගෙවා තිබුණි.
කෙසේ වෙතත් ඇය සමග පැමිණි දරුවා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණ වී නැත.