බිත්තර පවුඩර් සහ දියර ආනයනයට අවසර - වෙළෙඳ ඇමති
March 14, 2023 07:13 pm
මෙම සතියේදී අනිවාර්යයෙන්ම ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන බව වෙළෙඳ ඇමති පවසයි.
මේ අතර බිත්තර පවුඩර් සහ දියර බිත්තර ආනයනයට පැවති බද්ද අද (14) සිට අඩු කරන බවත්, අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,
"බිත්තර ආනයනය කරන්න අද අපේ රටට අවශ්‍ය සහතික ටික ගන්න ඉන්දියාවෙම තියෙන්නේ ආයතන තුනයි. අපේ රටේ නිලධාරීන් විශාල ප්‍රමාණයේ අනුමැතියන් ඉල්ලනවා. ඒ නිසා තමයි ප්‍රමාදයක් සිදුවුණේ. නමුත් මේ සතියේ අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය සිදුකරන්න වෙනවා. මේ සතියේ කොළඹ වරායට බිත්තර එයි."
"ලෝකයේ තාක්ෂණයෙන් ඉහළ රටවල් කර්මාන්ත සඳහා භාවිත කරන්නේ බිත්තර පවුඩර් එක... එහෙම නැත්නම් දියරය."
"ඒ නිසා අද සිට අපි ඒකට තිබ්බ බද්ද අඩු කරලා.. ඒ සඳහාත් ආනයනය කිරීමට අවසර ලබාදෙනවා."
"එතකොට කර්මාන්තකරුවන්ට පුළුවන් මේ නිෂ්පාදන ආනයනය කරලා තමන්ගේ කර්මාන්තය ට භාවිත කරන්න. බේකරි, බිස්කට්, කේක් ආදී ඕන අයට පුළුවන් ගෙන්න ගන්න."