දුම්රිය අංශ කිහිපයක් හෙට වර්ජනයට එක් නොවේ - දුම්රිය සාමාන්‍යාධිකාරී
March 14, 2023 04:28 pm
හෙට (15) දිනයේ පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී වන බව දුම්රිය රියදුරන්ගේ වෘත්තිය සමිතිය විසින් දැනුම් දී තිබේ.
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සමග අද (14) පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා ඒ බව සඳහන් කළේය.
කෙසේවෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසා සිටියේ, දුම්රිය නියාමක සංගමය, ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට පැවැත්වෙන වර්ජනයට සහභාගී නොවන බවය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්.ගුණසිංහ මහතා,
"අපි සාකච්ඡා කළා සියලුම ප්‍රධාන වෘත්තීය සමිති එක්ක. ඒ අතරින් දුම්රිය නියාමක සංගමය, ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලකවරුන්ගේ සංගමය ඇතුළු තව වෘත්තීය සමිති ගණනාවක නායකයෝ අපිට කිව්වා වර්ජනයට සහභාගී වෙන්නේ නැහැ කියලා."
"අපිට රියදුරන්ගේ වෘත්තීය සමිතිය දීලා තියෙනවා.. හෙට වෘත්තීය ක්‍රියාමර්ගයක් ගන්නවා කියලා. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා සියලුම වෘත්තීය සමිති වගේම මේ වෙලාවේ මේ තියෙන තත්ත්වය කල්පනා කරලා අඛණ්ඩව සේවාව ලබාදෙන්න කියලා. ඊට අමතරව ව්‍යවස්ථානුකූලව මේ වෙලාවේ අත්‍යවශ්‍ය සේවාවක් හැටියට ප්‍රවාහන සේවය ගැසට් කරලා තියෙනවා. ඒ අනුව අපිට නිවාඩු අවලංගු කරන්න සිද්ධ වෙනවා අයතනික වශයෙන්. නිවාඩු අවලංගුයි කියලා අපි උප ආයතන ප්‍රධානීන්ට දැනුම්දීලා තියෙන්නේ."