සාමාන්‍ය පෙළ සිසුන් ට දැනුම්දීමක්
March 13, 2023 02:09 pm
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල්යාමට ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස තුනක පමණ කාල පරතරය අඩු වීමෙන් එලෙස විභාගය කල් යා හැකි බවය.
"උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ප්‍රමාද වන තරමටම ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙනවා. ඒ කාල ප්‍රමාණයෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම එහාට යන්න ඉඩ තියෙනවා."
ප්‍රශ්නය - ඒ කියන්නේ දැනට මැයි මාසයේ විභාගය පවත්වන්න දාගෙන ඉන්නවා නේ. ඒ කාලය වෙනස් වෙයි ද?
"වෙනස් වෙන්න පුළුවන් උත්තර පත්‍ර සමීක්ෂණය කල් ගියොත්. විභාග දෙකක් අතර කාල පරාසය මාස තුනක්වත් අවශ්‍ය වෙනවා. විභාග දෙපාර්තමේන්තුවට ඊළඟ විභාගය පවත්වන්න."