අත්අඩංගුවට ගත් යුද හමුදාවේ දෙදෙනා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් යුද හමුදාවේ දෙදෙනා රිමාන්ඩ්

February 14, 2023   03:28 pm

බොරැල්ල ප්‍රදේශයේ වෙඩි වැදීමකින් කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් දෙදෙනා එළඹෙන 21 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.