බොරැල්ලේදී වෙඩිවැදීමකින් කාන්තාවක් මරුට

බොරැල්ලේදී වෙඩිවැදීමකින් කාන්තාවක් මරුට

February 13, 2023   11:32 pm

බොරැල්ල ප්‍රදේශයේදී වෙඩිවැදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.

බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සිදුකළ වැටලීමක් අතරතුර සිදුවූ වෙඩිවැදීමකින් එම කාන්තාව මියගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.