නොනිවෙන කුණු කන්දේ දුක් ගැනවිල්ල

නොනිවෙන කුණු කන්දේ දුක් ගැනවිල්ල

February 12, 2023   01:42 pm

කොටිකාවත්ත නගරයේ පිහිටි කුණු කන්ද අභ්‍යන්තරයේ ඊයේ (11) පස්වරුවේ ඇති වූ ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ.

කොළඹ නගර සභාවේ සහ කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන සේවකයින් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

කොටිකාවත්ත නගරයේ පිහිටි කුණු කන්ද අභ්‍යන්තරයේ ගින්නක් හටගෙන තිබුණි.

ඊයේ පස්වරුවේ ගින්න හටගෙන තිබූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

කුණු කන්ද අභ්‍යන්තරයේ ගින්න හටගෙන තිබූ නිසා ගින්න මැඩැපැවැත්වීමට ගිනි නිවන සේවකයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබුණි.

මේ සඳහා එක්ව සිටියේ කොළඹ නගර සභාවේ සහ කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන සේවකයින් පිරිසකි.

කුණු කන්ද අභ්‍යන්තරයෙන් වරින්වර ගින්න ඇතිවීම ගින්න මැඩපැවැත්වීමේ කටයුතුවලට හානි සිදුව තිබුණි.

මේවන විට ගින්නේ ව්‍යාප්තිය මැඩ පවත්වා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ ගින්නෙන් ඇතිවන දුමාරයෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවය.

"මේක ගිනිගන්නවා පළාතෙම දුම‍. ඉන්න බෑ මනුස්සයෙක්ට. කැස්ස එනවා. ඇස් දනවා. මීතොටමුල්ලෙත් ඕක වෙලානේ මිනිස්සුන්ගේ ජීවිත නැති වුණේ..."