
අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රජයේ රෝහල් වෙත උපදෙස් ලබා දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, වෛද්‍ය නිර්දේශය මත කල් දැමිය හැකි ශල්‍යකර්ම මෙලෙස කෙටි කාලයක් සඳහා ප්‍රමාද කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවය.
කෙසේ වෙතත් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට පියවර ගැනෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේය.





















































