ව්‍යාපාරිකයාගේ ඝාතනය ට තරුණයෙක් අත්අඩංගුවට

ව්‍යාපාරිකයාගේ ඝාතනය ට තරුණයෙක් අත්අඩංගුවට

February 5, 2023   05:53 pm

තලංගම ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කඳාන පොලීසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ,  27 හැවිරිදි සැකකරුවෙකි.

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එම නිවසෙහි හිමිකරු වන ව්‍යාපාරිකයෙකුගේ මළසිරුරක් පසුගිය 02 වනදා සොයාගැනුණි.

මෙලෙස මියගොස් තිබුණේ ප්‍රකට රෙදිපිළි අලෙවිසැල් ජාලයක හිමිකරුවෙකි. 

ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි රොෂාන් වන්නිනායක නම් පුද්ගලයෙකි.

ඔහුගේ සිරුර මෙලෙස සොයා ගත්තේ ඔහුටම අයත් පැලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබියදීය.

අදාළ ව්‍යාපාරිකයා පසුගිය 31 වනදා එම නිවසට යන බව සිය සහෝදරියට පවසා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

නමුත් ඔහු යළි නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමකදී ඔහුගේ සිරුර මෙලෙස හමුවී තිබුණි.

මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවද පොලීසිය පවසයි.