බිත්තර ආනයනයට අදාළ ඉන්දීය සැපයුම්කරුවන්ගේ වාර්තාව අද ලැබෙයි ද?
February 4, 2023 09:42 am
බිත්තර ආනයනයට අදාළ ඉන්දීය සැපයුම්කරුවන් ලබා දිය යුතු වාර්තා අද (04) දිනයේ ලැබෙනු ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි.
ඔහු පැවසුවේ අදාළ වාර්තා ලැබුණු වහාම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එම වාර්තා යොමුකරන බවය.
ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ තෝරාගෙන ඇති ඉන්දීය සැපයුම්කරුවන් දෙදෙනාටම අද දිනය ඇතුළත අදාළ වාර්තා ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බව ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.
ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද විගස බිත්තර ආනයන ක්‍රියාවලිය කඩිනමින් ආරම්භකළ හැකිවෙයි.