සිව්දරු මවක් ගිනි තබාගනී
January 25, 2023 08:28 am
සිව්දරු මවක් සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගෙන ඇති බවත්, ගින්න නිවීමට ගිය සැමියාද පිළිස්සී රෝහල් ගතකර ඇති බවත් බේරුවල පොලීසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ බේරුවල සමඩ් මාවතේ පදිංචි 38 සහ 34 දී ඇති අඹුසැමි යුවළක් බව පොලීසිය සඳහන් කරයි.
දෙදෙනා අතර පවුල් ආරවුලක් පැවත ඇති බවත්, ඒ හේතුවෙන් ඊයේ පස්වරුවේ කතාබහක් සිදුව බිරිඳ නිවසේ ප්ලාස්ටික් කෑන් එකක තිබූ භූමිතෙල් සිරුරට හලාගෙන ගිනි තබා ගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.
ඇයගේ සිරුර ගිනි ගනිද්දී ස්වාමි පුරුෂයා ගින්න නිවා දැමීමට උත්සහ දැරීමේදී ඔහුද පිළිස්සීම් තුවාල ලබා ඇත.
දෙදෙනාම කළුතර තීක්ෂණ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, බිරිඳගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් පරිදි, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.