රාජ්‍ය සේවක වැටුප් ගෙවන දින ගැන විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවක වැටුප් ගෙවන දින ගැන විශේෂ නිවේදනයක්

January 23, 2023   01:49 pm

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.