කබ්රාල් ට එරෙහි විදෙස් ගමන් තහනම ගැන අධිකරණය දුන් නියෝගය

කබ්රාල් ට එරෙහි විදෙස් ගමන් තහනම ගැන අධිකරණය දුන් නියෝගය

January 17, 2023   10:31 am

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (17) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් කබ්රාල් මහතාගේ පාර්ශවයට පෙබරවාරි මස 16 වනදා දක්වා කල් ලබා දුන්නේය.

2006 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිතාව ලක් කළ බවට චෝදනා කරමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.