සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක්

සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක්

January 11, 2023   07:42 am

2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

එම කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 440ක් වේ.

එමෙන්ම අදාළ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 433ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 273ක්, කල්මුණේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 147ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් 128 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මීට අමතරව කළුතර, මහනුවර යන දිස්ත්‍රික්කවලින් ද සියයට අධික ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගත වූ දින 07ක කාලය තුළ හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.