header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
17 හැවිරිදි තරුණියගේ facebook ගිණුම සොරාගත් විවාහකයා කළ දේ
Nov 13, 202206:41 PM
17 හැවිරිදි තරුණියගේ facebook ගිණුම සොරාගත් විවාහකයා කළ දේ
Mobitel 1278

17 හැවිරිදි තරුණියකගේ මුහුණුපොතේ ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන තරුණියක් ලෙස සමාජගත කළ පුද්ගලයෙකුට එරෙහිව ලද පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

මීට දින කිහිපයකට ඉහතදී තම දුරකථනය අලුත් වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයෙකුට ලබාදුන් බවත් පැය කිහිපයකින් පසු ඔහු එය අලුත්වැඩියා කර තමන් වෙත ලබා දුන් බවත් එම තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී තමන්ගේ මුහුණුපොතේ ගිණුම හා විද්‍යුත් තැපැල් ලිපිනය ජංගම දුරකථයෙන් ඉවත්ව ගොස් තිබූ එහෙයින් නැවත එම පුද්ගලයාට පවසා මුහුණුපොතට නව ගිණුමක් මෙන්ම විද්‍යුත් තැපැල් ලිපිනයක් ද සක්‍රීය කර ගත් බවට අදාළ තරුණිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

දින දෙකක් පමණ ගත වෙද්දී මිතුරියන් රැසක් තම දුරකථනයට ඇමතුම් ලබා ගෙන "මොනාද ඔයා මේ දාලා තියෙන්නෙ පිස්සු වැඩ කරන්න එපා. ඇයි එහෙම කරන්නේ." ආදී වශයෙන් ඇයගෙන් විමසා ඇත.

සිදුවූ දේ පිළිබඳ කිසිවක් නොදත් අදාළ තරුණිය මිතුරියන්ගෙන් ඒ බව විමසීමේ දී ඔවුන් පවසා ඇත්තේ ඇය මුදලට අලෙවි වන තරුණියක් බව පවසා මුහුණුපොතේ දැන්වීමක් පළ කර ඇති බවය.

"සෙක්ස් කරන්න කැමතිනම් 3,000 ක් අරගෙන එන්න - මම බණ්ඩාරගම" යනුවෙන් සඳහන් කර වෙනත් තරුණියන්ගේ නිරුවත් පින්තූර කිහිපයක් ද ඇගේ මුහුණුපොත හරහා සමාජගත කර තිබූ බවට පොලීසියට ලද පැමිණිල්ලේ සඳහන්ය.

එම වැකිය සහ නිරුවත් ඡායාරූප ද ඇය ජංගම දුරකථනය හරහා ලබාගත් ඡායාරූප සියල්ල ද අදාළ තරුණිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

අදාළ වැකිය හා ඡායාරූප දැකීමෙන් කම්පනයට පත් තරුණිය පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා හමුවට ගොස් සිය චරිතයට හානි කළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරදෙන මෙන් හඬා වැටෙමින් ආයාචනා කර ඇත.

ඒ අනුව බණ්ඩාරගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක අනූෂා හේමමාලි මහත්මිය ඒ සම්බන්ධයෙන් තරුණියගෙන් තොරතුරු විමසා ඇගේ ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීමට ලබා දුන් 20 හැවිරිදි විවාහක පුද්ගලයා පොලීසියට කැඳවා තිබේ.

පසුව ඔහුගෙන් විමසීමේ දී පවසා ඇත්තේ අදාළ තරුණියගේ සහ තම ඥාතීන් අතර ඇති ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙවැනි දෙයක් සිදුකළ බවය.

ඒ අනුව කෝඩින් හැක් කර අදාළ ගිණුම ලබාගෙන තමන් එවැනි නුසුදුසු පෝස්ට් මුහුණුපොත හරහා ප්‍රසිද්ධ කළ බවට අදාළ තරුණයා පිළිගෙන ඇත.

ඒ අනුව තරුණිය සිදුකළ පැමිණිල්ල සහ ජංගම දුරකථන අලුත්වැඩියා කරන්නාගේ ප්‍රකාශ සහිතව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පරීක්ෂණ කටයුතු යොමුකළ බව බණ්ඩාරගම පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ