විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි

විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි

November 8, 2022   12:05 pm

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට සිටින පුද්ගලයින් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ. 

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිට වූ බව එමගින් දැනුම් දී ඇත.

පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.