ජෙහාන් ඇතුළු පිරිසක් රස පරීක්ෂක හමුවට

ජෙහාන් ඇතුළු පිරිසක් රස පරීක්ෂක හමුවට

October 17, 2022   11:28 am

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණය අතරවාරයේ කලහකාරී ආකාරයෙන් හැසිරුණු බවට සැකපිට අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් පිරිසක් (17) අද රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අගොස්තු මස 18 වනදා පැවති විරෝධතාවය සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන මගින් පුද්ගලයින් හඳුනාගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත කළ ඉල්ලීමක් අනුවය.

ඒ අනුව සිදුකළ මහෙස්ත්‍රාත් නියෝග අනුව ජෙහාන් අප්පුහාමි ඇතුළු 12දෙනෙකු රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කර ඇත.