ඩෙංගු යළි හිස ඔසවයි
October 13, 2022 08:13 am
මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු හඳුනාගැනීමත් සමග මේ වන විට රෝගීන් 59,317 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.
පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 19,912ක් බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වන අතර, මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ද පසුගිය වසරට සාපේක්ෂව වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 36ක් අධි අවදානම් කලාප ලෙස නම් කිරීමට පියවර ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.
