මිනිස් ජීවිත තුට්ටු දෙකට දැමූ බස් රියදුරා
September 14, 2022 11:51 am
කොළඹ - නුවර මාර්ගයේ මහනුවර දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අපරීක්ෂාකාරි ලෙස ධාවනයේ යෙදෙන වීඩියෝ දර්ශන කිහිපයක් "අද දෙරණ" ට ලැබී තිබේ.
අදාළ බස් රථයට පිටුපසින් ගමන්ගත් වෙනත් රථයක සිටි පුද්ගලයෙකු විසින් එම දර්ශන වීඩියෝ ගතකර ඇත.
මාර්ග නීති උල්ලංඝනය කරමින් අධික වේගයෙන් ධාවනය වන අදාළ බස් රථය පස්යාල - කජුගම ප්‍රදේශයේ දී ලංගම බස්රථයක ගැටී අනතුරකට ද ලක්ව තිබේ.
පසුව වීඩියෝ ගත කළ පුද්ගලයා පැමිණ පෞද්ගලික බස්රථයේ රියදුරු ට චෝදනා කරමින් බැන වැදෙන අයුරු ද කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණි.