මුණුබුරා ගේ පොලු පහරින් ආච්චි මරුට
September 13, 2022 11:17 am
මානසික ආබාධයකින් පෙළෙන 13 හැවිරිදි පිරිමි ළමයෙක් සිදුකළ පහරදීමකින් 81ක් හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ හෙම්මාතගම, තල්ගස්පිටිය ප්‍රදේශයේ නිවසක එම සිද්ධිය වාර්තා වී ඇති බවය.
උදෑසන ආහාරය සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය වී ඇති අතර එහිදී එම පිරිමි ළමයා ආච්චිට යකඩ පොල්ලකින් පහරදී තිබුණි.
සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.