
22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (06) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
එහි දැක්වෙන්නේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවය.
එම තීන්දුවේ තවදුරටත් දැක්වෙන්නේ, එම කරුණු තවදුරටත් සංශෝධනය කිරීම කළ යුතු බවත් හෝ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහිතව හෝ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවත් ය.

















































