විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

July 25, 2022   08:34 am

අද (25) දිනයේ දි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඩෙංගු මදුරු ඝණත්වය ඉහළ යාම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය එම පියවර ගෙන ඇති බව සඳහන්ය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, මේ වන විට මෙරට තුළ ඩෙංගු රෝගීන් 44,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවය.

පවතින තත්ත්වය පාලනය කිරීමට නොහැකිවුවහොත් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

"සඳුදා අපේ රට තුළ ඩෙංගු මර්දන විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒකට හේතුව මේ වනවිට අපේ රට තුළින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉතාමත් විශාල වශයෙන් දකින්න පුළුවන්. මේ අවුරුද්ද තුළ මේ වනවිට 44,000කට අධික සැකකටයුතු ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ජූලි මාසයේ මේ වනවිට සති තුන තුළ සැකකටයුතු ඩෙංගු රෝගීන් 9,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේ තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වීමේ අවදානම තියෙනවා. ඒ තුළින් ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයකට වර්ධනය වීමේ හැකියාව තියෙනවා. මේ තත්ත්වය වහාම පාලනය කිරීම සඳහා තමයි අද දිනය ඩෙංගු මර්දන විශේෂිත වැඩසටහනක් දියත් කරන්නේ."