කැකුළු සහල් වලට උපරිම සිල්ලර මිලක්

කැකුළු සහල් වලට උපරිම සිල්ලර මිලක්

June 11, 2022   08:57 am

කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (10) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරිය එම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

ඒ අනුව, දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් වේ.

උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් එම සහල් වෙළෙඳාම් කිරීම, සැපයීම, වෙළෙඳාම් කිරීමට ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය.