මියන්මාර හා තායිලන්ත තානාපති කාර්යාලයට පැමිණි විපක්ෂ නායකවරයා

මියන්මාර හා තායිලන්ත තානාපති කාර්යාලයට පැමිණි විපක්ෂ නායකවරයා

April 1, 2025   11:09 am

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මියන්මාර හා තායිලන්ත තානාපති කාර්යාලය වෙත පැමිණ තිබේ.

මියන්මාර-තායිලන්ත ඛේදවාචකය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා විපක්ෂ නායකවරයා මෙලෙස පැමිණි ඇත. 

එහි දී මෙරට මියන්මාර සහ තායිලන්ත තානාපති ප්‍රමුඛ දූත පිරිස හමුවී සිය ශෝකය පළ කළ අතර රටක් ලෙස මියන්මාරය සහ තායිලන්තය වෙනුවෙන් කළ හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

පසුගිය දා මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දරුණු භූමිකම්පා තත්ත්වය නිසා එරට විශාල දේපොළ සහ ජීවිත හානි රැසක් සිදුවිය.